ජනපති ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට හදිසියේම යයි

357


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත්, කොළඹ 07 ශ‍්‍රීමත් මාර්කස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට හදිසි නිරීක්ෂණයක යෙදුණි.
හරිත කෘෂිකර්මාන්තයක් සහ වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය රජයේ ප‍්‍රතිපත්තිය බැවින් මෙවර මහ කන්නයේ දී කාබනික පොහොර බෙදාහැරීම, භාවිතය සහ ලැබෙන අස්වැන්න පිළිබඳ විමර්ශනය කර, අඩුපාඩු මගහරවා ගනිමින් යළ කන්නයට සූදානම් විය යුතු බව ජනාධිපතවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ගොවිජන සමාලෝචන මණ්ඩලය, ගොවිජන බැංකු, පාලන, ගිණුම්, සංවර්ධන, නීති, ආයතනික සංවර්ධන (සේවා*, ඵලදායී අලෙවි සහ ඉංජිනේරු ජල කළමනාකරණ යන සියලූ‍ අංශ අධීක්ෂණයට ලක් කළ ජනාධිපතවරයා පැය තුනකට ආසන්න කාලයක් නිලධාරීන් සහ සේවකයන් සමග සාකච්ඡුා කරමින් කෘෂිකර්මාන්තයේ ප‍්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ක‍්‍රියාමාර්ග සොයා බැලීය.

advertistmentadvertistment
advertistmentadvertistment