ජනපති ඝාතනයට තැත් කළ වේලූපීල්ලේගෙ නම රතු ලැයිස්තුවෙන් ඉවතට

222

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට සැලසුම් කළ කොටි ක‍්‍රියාකාරියකු වූ වේලූපීල්ලේ රේවතන්ගේ නම ඉන්ටර්පෝල් පොලිසියේ ‘දුටු තැන අල්ලනු ’ ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.

රේවතන් මෙරට රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියකුගේ හිතවතෙකි. බත්තරමුල්ලේ පදිංචිව සිටි රේවතන් අල්ලා ගැනීමට පෙර මෙරටින් පැන ගියේය. මොහු එම රාජ්‍ය නොවන සංවිධානයේ ප‍්‍රධානියා වේ.

සංවිධානයේ නියෝජ්‍ය සභාපති ලෙස ද කටයුතු කර ඇත. මෙයට අමතරව ඉන්ටර්පෝල් ලැයිස්තුවේ සිටි කොටි 130කගේ නම් ද ඉවත් කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment