ජනපති ජගත් මහ සමුළුව අමතයි

307

ගෝලීය අභියෝගයක් වන ත‍්‍රස්තවාදය ජය ගැනීමට බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාවය අවශ්‍ය බව ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් පැවසීය. ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත‍්‍රී 9.30ට (නිව්යෝක් හි වේලාව පස්වරු6.30) ජනාධිපතිවරයා සමුළුව ඇමැතීය.එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්ටෝනියෝ ගුටරේස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ විය. කොවිඞ් 19 වෛරසයෙන් සුවය ලබාගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවයනට ප‍්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම් වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණගැන්වීම මෙවර සමුළුවේ තේමාව විය.

advertistmentadvertistment
advertistmentadvertistment