ජනපති ජගත් සමුළුවට යයි

162


මෙම මස 21 වැනිදා, නිව්යෝර්ක්හී දී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගී වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපතවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගීවන පළමු අවස්ථාව මෙය වේ. තම පෞද්ගලික ප‍්‍රතිපත්තිය සහ ර‍‍ටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සංචාරය සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර ඒ අනුව අයෝමා රාජපක්ෂ මහත්මිය මෙම සංචාරයට එක්වන්නේ සිය පෞද්ගලික වියදමින් බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment