ජනපති ජපන් අධිරාජ්‍යයා සහ අගමැති හමුවෙයි

108

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අගමැති ෆූමියෝ කිෂිඩා :ත්‍මපසද ණසියසා්* මහතා අතර හමුවක් ඊයේ (28 දා) පෙරවරුවේ ටෝකියෝ නුවර අකසාකා මාලිගාවේදී පැවැත්විණි.

 මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් ලෙස පිළිගත් ජපාන අගමැතිවරයා ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් ඔහුට සිය ශුභාශිංසන පිළිගැන්වීය. 02-පිටුවට

 ශ්‍රී ලංකාව හා ජපානය අතර අතීතයේ සිට පැවතෙන සමීප සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑම සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී නායක දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

 මේ අතර ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ද ඊයේ (28 දා) පෙරවරුවේ සිදුවිය.

 අධිරාජ්‍යයාගේ නිල නිවස වන ටෝකියෝ නුවර ඉම්පීරියල් මන්දිරයේදී මෙම හමුව සිදුවිය. එහි පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා නරුහිතෝ අධිරාජ්‍යයා විසින් ඉතා සුහදශීලීව පිළිගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment