ජනපති ජපානයෙන් කළ ඉල්ලීම..

355

ශ්‍රී ලංකාවට ලබා දුන් ණය, ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා සාකච්ඡා කිරීමට පැමිණෙන්නැයි , ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වික ණය ලබා දුන් ප්‍රධාන රටවලට කවුරුන් හෝ ආරාධනා කළ යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අද (18) ප්‍රකාශ කර තිබුණි.ඊට මැදිහත්වන ලෙස ශ්‍රී ලංකාව ජපානයෙන් ඉල්ලා සිටින බවත් එම සම්මුඛ සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණි .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තා වලට අනුව 2020 වසරේ අවසාන වන විට ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 6.2 ලෙස සටහන් වන බව රොයිටර් පුවත් සේවය සඳහන් කර ඇත .

ජනපති ජපානයෙන් කළ ඉල්ලීම..

usg

advertistmentadvertistment
advertistmentadvertistment