ජනපති ජය ශ්‍රී මහා බෝධිය වැද ආශීර්වාද ලබා ගනී

424

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.පුදබිමට පැමිණි ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසා බැලීය. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ඉදි කෙරෙන රථගාලේ ඉදිකිරීම්වල වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා අටමස්ථානාධිපති නාහිමියන් සමග සාකච්ජා කළේය.ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්ජායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment