ජනපති ඩුබායි නියෝජ්‍ය අගමැති හමුවේ

201

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනය නැරඹීමට එක්ව තිබේ.

එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය පාලක, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ෂෙයික් මක්ටුබ් බින් මොහොමඩ් රෂීඩ් අල් මක්ටුම් මහතා හමුවී සාකච්ඡාවක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම හමුව දෙරට අතර මිතුදම ශක්තිමත් කරන්නක් බව රාජ්‍ය නායකයෝ දෙදෙනා සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. 

කොවිඩ් මර්දන සහ එන්නත්කරණ වැඩපිළිවෙලෙහි ප්‍රගතිය සහ කොවිඩ් පසුබිමක ආර්ථිකයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා, එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාව දැනුම්වත් කර ඇත. 

advertistmentadvertistment
advertistmentadvertistment