ජනපති දළදා සමිඳුන්  වැඳ ආශිර්වාද ලබාගනී…

90

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා  (30 දා) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.

ජනපති දළදා සමිඳුන්  වැඳ ආශිර්වාද ලබාගනී...

දළදා සමිඳුන් වැඳපුදා  ගැනීම සඳහා ජනාධිපතිවරයා මාලිගා පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා ඇතුළු මැති ඇමැතිවරුන් විසින් පිළිගෙන දළදා මැඳුරේ ප්‍රධාන වාහල්කඩ වෙත කැඳවාගෙන යනු ලැබීය.

 එහිදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සහ සතර මහා දේවාල බස්නායක නිලමේවරු විසින් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනු ලැබීය.

ජනපති දළදා සමිඳුන්  වැඳ ආශිර්වාද ලබාගනී...

ඉන් අනතුරුව ජනාධිපතිවරයා දළදා සමිඳුන් වැඩසිටින ඉහළ මාලයේ කුටිය වෙත ගොස් දළදා වහන්සේට පුෂ්පෝපහාර දක්වා ආගමික වතාවත්වල නිරතව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත්තේය.

 ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දළදා මාලිගාවේ විශේෂ අමුත්තන් වෙනුවෙන් වෙන් කර ඇති කුටිය වෙත ගොස් සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තබන ලදී.

 මෙම අවස්ථාවට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම, ගුණතිලක රාජපක්‍ෂ, එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක, ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, එ.ජා.ප. මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, හිටපු ඇමැති නවීන් දිසානායක, එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනි කෝන්ගහගේ, ගම්පොළ නගරාධිපති සමන්ත අනුර කුමාර යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලනඥයන් රැසක් සහභාගි වී සිටියහ.

 සමන්තී වීරසේකර, සිරිල් විමලසුරේන්ද්‍ර, පුන්සිස් අත්තනායක

advertistmentadvertistment
advertistmentadvertistment