ජනපති දළදා සමිඳුන් වැඳ පුදා ගනී…

100

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (05 දා) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාළිගාවේ දී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගත්තේය.

ශ‍්‍රී දළදා මාළිගාවට ගිය ජනාධිපතිවරයා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.

මාළිගාව පරිශ‍්‍රයේ දී දළදා සමිඳුන් වන්දනා කිරීමට පැමිණි ජනතාවගෙන් ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර ජනාධිපතිවරයා ජනතාව සම`ග කතාබහ කර ඔවුන්ගේ තොරතුරු විමසා බැලීය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම සහ බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරු මේ අවස්ථාවට එක් වූහ.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment