ජනපති දිවයිනට: – බැසිල් ඩුබායි යයි

237

පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (14දා) මධ්‍යම රාත‍්‍රියේ දිවයිනට පැමිණියේය.

ජනාධිපතිවරයා පෙරේදා (14දා) රාත‍්‍රී 11.45 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්. කිව්-468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ළ`ගා විය.

මේ අතර මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (15 දා) අලූයම ඩුබායි බලා පිටත්ව ගියේය.

මුදල් ඇමැතිවරයා ඊයේ අලූයම 2.55 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ කේ 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගියේය.

අනුර බාලසූරිය සහ ගුවන්තොටුපළ ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment