ජනපති දිවුරුම් දෙන විට විදුලිය බිඳ වැටීම ගැන  සී.අයි.ඩී පරීක්‍ෂණයක්

93

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) සුබ මොහොතින් දිවුරුම් දෙන අවස්ථාවේ දී පාර්ලිමේන්තු සංකීර්ණයේ අනපේක්ෂිතව විදුලිය විසන්ධි වීම සම්බන්ධව පරීක්ෂණ සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙන අවස්ථාව ස්වාධීන රූපවාහිනිය මගින් සජීවීව විකාශය කිරීමට නියමිතව තිබූ අතර සෙසු රූපවාහිනි නාලිකා මගින් ඊට සමගාමී විකාශයක් ලෙස ප්‍රචාරය කිරීමට ද සැලසුම් කර තිබිණි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා රතු පලස මතින් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වීමෙන් පසු එම සජීවී විකාශය නැවතී ගිය අතර විදුලිය බිඳ වැටීමක් නිසා සජීවී විකාශය නතර වූ බවට පසුව ප්‍රකාශ විය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය බිඳ වැටීමක දී සාමාන්‍යයෙන් විනාඩි දෙකක් වැනි ඉතා කෙටි කලකදී විදුලි ජනක යන්ත්‍ර නැවත ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන නමුත් ඊයේ දින ජනපති දිවුරුම් දෙන අවස්ථාවේ විනාඩි දහයක පමණ කාලයක් මෙසේ විදුලිය බිඳ වැටී තිබූ බව වාර්තා වේ.

මේ හේතුව නිසා රූපවාහිනි නාලිකාවලට සජීවී විකාශ ආවරණය කර ගැනීමට නොහැකි විය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment