ජනපති නිල නිවස අසල විදුලි විසන්ධි කරයි

1501

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවස පිහිටි මිරිහාන පැගිරිවත්ත ප්‍රදේශයේ පැවැත්වෙන මහජන විරෝධතාව සමගම මේවනවිට එම ප්‍රදේශයේ විදුලියද විසන්ධි කර ඇත. නුගේගොඩ ප්‍රදේශයේ දී සවස 6.00ට පමණ මෙම විරෝධතාව ආරම්භ වී ඇත.පසුව විරෝධතාකරුවන් රාත්‍රී 9.00ට පමණ ජනාධිපතිවරයාගේ නිල නිවස පිහිටි ප්‍රදේශයට පැමිණි උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.වැඩිවන අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කරන ලෙස සහ රට තුළ මතුව ඇති ඉන්ධන, ගෑස් අර්බුදය විසදීමට වහා පියවර ගන්නා ලෙස ඉල්ලා විරෝධතා පුවරු සමග විශාල පිරිසක් විරෝධතාවයේ නිරතව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment