ජනපති නිවස අසල විරෝධය පෑ පිරිසකට ඇප

461

නුගේගොඩ මිරිහාන පිහිටි ජනාධිපති නිවස අසල ඊයේ රාත්‍රියේ විරෝධතාවයේ නිරත වීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 54 දෙනාගෙන් 21 දෙනෙකු අද නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් තිබූණි. ඉන් ඉන් 15 ඇප මත නිදහස් කිරීමට නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර ඇත.හය දෙනෙකු ලබන සදුදා දක්වා රිමාන්ඩ්ගත කරන ලෙසටත් ඔවුන් එදින පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර තිබේ.අත්අඩංගුවට ගත් පිරිසෙන් සෙසු පිරිස තුවාල ලැබීම නිසා රෝහල්ව ගත කර සිටිති.අත්අඩංගුවට පත් පිරිස වෙනුවෙන් නීතීඥවරු දෙසීයකට අධික පිරිසක් පෙනී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment