ජනපති නිව්යෝර්ක් නුවරට ළගා වෙයි

219

හෙට (21 දා) ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ජනාධිපති  ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිව්යෝර්ක් නුවරට ළගා විය.

 එරට වේලාවෙන් පෙරේදා (18 දා) ප. ව. 2.30 ට නිව්යෝර්ක්හි ජෝන් එෆ් කෙනඩි අන්තර්ජාතික ගුවන් තොටුපළට ළ`ගා වූ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා විසින් පිළිගනු ලැබිණි.

 කොවිඞ් 19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැ`ගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප‍්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම යන්න තේමා කරගනිමින් එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව හෙට ඇරඹේ. මහා මණ්ඩල සැසිවාරයේ විදේශ අමාත්‍ය මට්ටමේ සමුළුව හෙට පෙරවරුවේ ආරම්භ වන අතර සමුළුවට සහභාගි වීම සඳහා රටවල් රැුසක රාජ්‍ය නායකයෝ මේ වන විටත් නිව්යෝර්ක් නුවරට පැමිණ සිටිති.

 රාජ්‍ය නායක සමුළුවේ දෙවන දින පෙරවරුවේ ජනාධිපතිවරයා සිය දේශනය සිදු කරන අතර 23 වැනිදා පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වෙනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී සිය අදහස් දැක්වීමට අපේක්‍ෂා කරයි. සැසිවාරය අතරතුර ජනාධිපතිවරයා රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.

 විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ජනාධිපතිවරයා සමග සංචාරයට එක්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment