ජනපති පුටින්ගේ උපදේශකගේ දියණිය කාර්  බෝම්බයකින් මරුට

391

රුසියානු ජනපති පුටින්ගේ ප්‍රධාන උපදේශක වූ ඇලෙක්සැන්ඩර් ඩුගින්ගේ දියණිය වූ ඩාරියා කාර් බෝම්බ ප්‍රහාරයකින් මරුමුවට පත් වී ඇත.

 29 හැවිරිදි වියේ පසු වූ ඇය ගමන් කළ ටොයොටා ලෑන්ඩ්කෘසර් රියේ සවිකර තිබූ එම බෝම්බය පිපිරී ගොස් ඇති අතර එය කාල බෝම්බයක් බවට සැක කෙරේ.

 ඩාරියා ගමන් කළ රියේ ඇගේ පියා වූ ඇලෙක්සැන්ඩර් ගමන් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සිදු වූ අවස්ථාවේ ඔහු ගමන් කර ඇත්තේ වෙනත් රථයකිනි.

 රස්පුටින් යැයි හඳුන්වන ඇලෙක්සැන්ඩර් ඩුගින් යුක්රේන යුද්ධය මෙහෙයවන්නා යැයි වාර්තා වේ.

 මෙකී පිපිරීම සිදු වී ඇත්තේ මොස්කව් නුවර සමීපයේදීය. මොස්කව් පොලිසිය පැවසුවේ ඇගේ සිරුර කැබලි වී තිබූ බවයි. මේ අතර එම ඝාතනයට යුක්රේනය සම්බන්ධ නැතැයි යුක්රේන ජනපති සෙලෙන්ස්කි පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment