ජනපති පුටින්ගේ ප්‍රධාන බ්ලොග් අඩවි ප්‍රධානියා ප්‍රතිමාවක් තුළ සඟවා තිබූ බෝම්බයක් පිපිරී මරුට

448

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රධාන බ්ලොග් අඩවි ප්‍රධානියා වූ ව්ලාඩින් ටටාර්ස්කි ප්‍රතිමාවක සඟවා තිබූ බෝම්බයක් පිපිරී මරුමුවට පත්වී ඇත. මෙය සිදුවූයේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ අවන්හලකදීය. මෙම අවන්හලට පැමිණි නම්යයා නමැති කාන්තාව එම ප්‍රතිමාව ඔහුට පිරිනමා තිබේ.

ප්‍රතිමාව තුළ බෝම්බයක් ඇතැයි සැකකළ ආරක්‍ෂක භටයන් එය භාර නොගන්නා ලෙස ටටාර්ස්කිගෙන් ඉල්ලා ඇත. ඔහු සිනාසී එය භාරගෙන තිබේ. මෙම පිපිරීමෙන් අවන්හලේ සිටි තවත් 25 ක් බරපතළ තුවාල ලබා ඇත.

රුසියානු බලධාරීන් පැවසුවේ එම ප්‍රතිමාව තුළ පුපුරන ද්‍රව්‍ය අටවා තිබූ බවයි.

ටටාර්ස්කි භාරගත් ප්‍රතිමාව ඔහුගේ රුවට සමානව නිර්මාණය කර තිබුණි.

මෙම පිපිරීමෙන් ප්‍රතිමාව පිළිගැන්වූ නම්යයා නමැති කාන්තාව මරුමුවට පත්වූයේ ද යන්න හෙළිවී නැත.

ප්‍රතිමාව පිපිරී ඇත්තේ නම්යයා එය ටටාර්ස්කිට පිළිගැන්වීමත් සමඟය.

advertistmentadvertistment
advertistmentadvertistment