ජනපති පොත් ප්‍රදර්ශනයට එයි

123

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22 දා) පෙරවරුවේ පැමිණියේය.

එහිදී පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර සහ සාමාජිකයන් වන විජිත යාපා, එච්. ඩී. ප්‍රේමසිරි, ආරියදාස වීරමන්, අතුල ජයකොඩි යන මහත්වරුන් ද හමුවූ ජනාධිපතිවරයා 75 වැනි නිදහස් සමරුවට සමගාමීව නිදහස් සමරු පොත් ප්‍රදර්ශනයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සහාය බලාපොරොත්තු වන බවත් කීවේය.

ජනපති පොත් ප්‍රදර්ශනයට එයි

එම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවෙන් විදේශයන්ට ගෙන ගොස් ඇති දුර්ලභ සහ ඓතිහාසික වටිනාකමකින් යුතු ග්‍රන්ථ හා ලිපි ලේඛන ඇතුළත් කළ යුතු යැයි ද සඳහන් කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා ද සහභාගි විය.

advertistmentadvertistment
advertistmentadvertistment