ජනපති බයිඩන් අප දුන් උපදෙස් පිළිගත්තේ නැහැ… ඇමරිකන් ජනරාල්වරු හෙළි කරති

1139

ඇෆ්ගනිස්ථානය තුළ තවදුරටත් ඇමරිකානු භටයන් 2500ක සංඛ්‍යාවක් ස්ථානගත කරන ලෙස කළ ඉල්ලීමට ජනපති ජෝ බයිඩන් සවන් නුදුන් බව ජනරාල් ප‍්‍රෑන්ක් මැකෙන්සි ඇතුළු හමුදා ප‍්‍රධානීන් හෙළි කර ඇත.

එහෙත් ජනපති බයිඩන් පැවසුවේ තමාට කිසිම හමුදා නිලධාරියෙක් උපදෙස් නුදුන් බවයි. හමුදා සන්නද්ධ සේවා කමිටුව හමුවේ සාක්ෂි දුන ජනරාල්වරු ඇමරිකානු හමුදාව ඉවත් කර ගැනීමෙන් ඇෆ්ගන් රජය බිඳ වැටෙන බවට අනතුරු ඇඟවූ බවත් පවසා ඇත. ජනරාල් මැක් මිලි දක්වා ඇත්තේ හමුදාව ඉවත් කර ගැනීමෙන් මුළු ඇෆ්ගනිස්ථානයම අරාජික වන බවට ජනපති බයිඩන්ට කරුණු දැක්වීමට කි‍්‍රයා කළ බවයි.

විදෙස් පුවත් සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment