ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ද හිටපු ජනපති ට‍්‍රම්ප් මෙන් සී එන් එන් රූපවාහිනි වාර්තාකරුවකු සමග ගැටුමකට මැදිහත් වී ඇත.

 එහෙත් පසුව බයිඩන් ඒ ගැන සමාව අයැද තිබේ. ධවල මන්දිර වාර්තාකරු කයිට්ලන් කොලින්ස් විසින් රුසියානු ජනපති පුටින් සම්බන්ධයෙන් නැගූ ප‍්‍රශ්නයකට ප‍්‍රතිචාර දැක්වීමේදී බයිඩන් කෝපයට පත්වී තිබේ. මාධ්‍ය සාකච්ඡුාවෙන් පසු බයිඩන් පිටව යන අවස්ථාවේ පුටින්ගේ හැසිරීම ගැන ඔබ විශ්වාසය තබන්නේ ද යැයි වාර්තාකරු කොලින්ස් විමසා ඇත. එම ප‍්‍රශ්නයට ප‍්‍රතිචාර දැක්වූ බයිඩන් තම ඇගිල්ලක් දික්කර පුටින්ගේ

 හැසිරීම ගැන තමා විශ්වාස නොකරන බවත් තමා ඔහු ගැන විශ්වාස කරන බව පැවසුවේ කවදාද යැයි ප‍්‍රශ්න කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment