ජනපති බ්‍රිතාන්‍ය ඉතිහාසය පොතටත් එක්වේ

823

දෙවෙනි එළිසබෙත් මහරැජිනියගේ අවමංගල්‍යයට සහභාගී වන රාජ්‍ය නායකයන් අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය ඉතිහාස පොතට එක්වේ. එසේ එක්වන්නේ එළිසෙබෙත් මහ රැජිනගේ රාජාභිෂේකයට සහභාගී වූ මාපියන්ගේ යුවළකගේ දරුවකු වන රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවෙි රාජ්‍ය නායකයා ලෙස එලිසබෙත් මහරාජිනියගේ රාජකීය අවමංගල්‍යයට සහභාගීවීමත් සමගය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාපියන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලනී වික්‍රමසිංහ මහත්මිය 1952 පෙබරවාරි මාසයේ පැවැති එලිසබත් මහාරැජිනියගේ කිරුළ පැලදීමේ රාජාභිෂේක උත්සවයට සහභාගී වූවේ අගමැති ඩඩ්ලි සේනානායක මහතා සමගිනි. ලෝක ඉතිහාසයේ රජ පවුලෙන් පරිබාහිරව මෙවැනි අවස්ථාවක් හිමි වූ ප්‍රථමයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාස පොතට එක් වන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment