ජනපති මන්දිරය – අරලියගහ මන්දිරය  ජනාධිපති කාර්යාලය බලධාරීන්ට භාරදෙන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

249

ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය යන ගොඩනැඟිලිවල භාරකාරත්වය නිසි බලධාරීන්ට ලබාදෙන ලෙස එම පරිශ්‍රවල සිටින අයගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටී.

එම සංගමය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

2022 ජුලි මස 9 වන දින ලක්‍ෂ සංඛ්‍යාවක විරෝධතාකරුවන් කොළඹට රැස්වීම අප ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් මහජන අප්‍රසාදය පළ කිරීමකි. මෙම විරෝධතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වන බවට කරනු ලබන දැනුම්දීමට හේතු වූ අතර 2022 ජුලි මස 20 වැනි දින ඔහුගේ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමට නියමිත බව පක්‍ෂ නායක රැස්වීම නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සුමට සහ සාමකාමී බල සංක්‍රමණයක් සඳහා වන සිය ඉල්ලීම නැවත අවධාරණය කරන අතර පක්‍ෂ නායකයන් විසින් ඉදිරිපත් කර ඇති කෙටි කාල සීමාව පිළිගනිමින් ශ්‍රී ලංකාවේ වෙනසක් වෙනුවෙන් ජනතාවගේ දායකත්වය සහ කැපකිරීම අගය කොට සලකමි. එබැවින් මහජනතාවගේ ඉල්ලීම් හා අභිලාෂයන් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වන අතර ශ්‍රී ලංකාව තුළ ක්‍රමවත් සංක්‍රාන්තියක් මෙන්ම නීතියේ ආධිපත්‍යයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවයට අඛණ්ඩව ගරු කිරීම සහතික කිරීමද එකසේ වැදගත්ය. ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ ජීවනෝපාය ආරක්ෂා කිරීම සඳහා නීතියේ ආධිපත්‍යයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවයට ගරු කිරීම අත්‍යවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍ය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල භාවය අඩපණ කරන බව හැඟවෙන ඇතැම් විරෝධතා කණ්ඩායම්වල කොටස්කරුවන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ආරෝපණය කරන ලද ප්‍රකාශයන් පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධානයට යොමු වී ඇත. ශ්‍රී ලාංකික පුරවැසියන් මෙම තීරණාත්මක අවස්ථාවේ දී නීතියේ ආධිපත්‍යයට සහ ව්‍යවස්ථාපිත පාලනයට ගරු කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවිවාදයෙන් ප්‍රකාශ කර සිටී. ශ්‍රී ලංකාව පාලනය වන රාමුව වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නොසලකා හැරීම අපේ රටට හෝ එහි ජනතාවට හිතකර නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, එහි ආයතනවලට සහ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම ප්‍රජාවගේ සහ එහි ජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය වන බව රජයේ අඛණ්ඩ කාර්යයන් සහතික කරනු ඇත. ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය විරෝධතා කණ්ඩායම්වල සාමාජිකයන් විසින් අත්පත්කරගෙන සිටින අතර විශාල ජනකායක් එම පරිශ්‍රයන්ට අඛණ්ඩව පැමිණෙන බව දක්නට තිබීම, අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරයේ සිදුවූ විනාශකාරී ක්‍රියා පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි අවධානය යොමුකරමින් සිටී. එම ගොඩනැඟි‘ලිවල භාරකාරත්වය නිසි බලධාරීන්ට ලබාදෙන මෙම පරිශ්‍රවවල සිටින අයගෙන් ඉල්ලා සිටිමි. පුරාවිiාත්මක වැදගත්කමකින් යුත් ලේඛන සහ අනිකුත් පොදු දේපළවල ආරක්ෂාව සහතික කරන ලෙස අප එම ගොඩනැඟිලි අත්පත්කරගෙන සිටින අයගෙන් ඉල්ලා සිටිමු. මෙම ගොඩනැඟිලිවල පාරිශුද්ධත්වයට ගරු කරන ලෙස අප ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.

පවතින ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයට ප්‍රජාතන්ත්‍රවාදීව පවතින ව්‍යවස්ථාමය රාමුව සහ නෛතික ක්‍රියාවලිය හරහා විසඳුම් සෙවීමට සහ යුක්තිය පසිඳලීමට බාධාවක් නොවන අයුරින් වෙනස්කම් වෙනුවෙන් පෙනී සිටින ලෙස අප සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment