ජනපති මන්දිරය සහ ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය බියක්

698

අරගලකරුවන් ඉකුත් 09 වැනිදා ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලා ගැනීමෙන් පසු කිසියම් පිරිසක් එම ගොඩනැගිලි තුළ පුපුරණ ද්‍රව්‍ය සවිකර ඇතිදැයි කියා මේ වනවිට බෝම්බ නිෂ්ක්‍රිය අංශය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය පවසයි. එසේම එම ගොඩනැගිලි වලට සිදූව ඇති හානි ගැන සොයා බලන බවත් එම හානි සිදු කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment