ජනපති මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකියි

1

මහනුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. එහිදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික සහ මූල්‍ය ප්‍රගතිය පිළිබඳ මහනාහිමිවරුන් දැනුවත් කළ ජනාධිපතිවරයා මහනුවර නගර සංවර්ධන සැලැස්ම ද මහනාහිමිවරුන් වෙත පිළිගැන්වීය.

ජනපති මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකියි

‘දේශපාලනය හා ධර්මය’ ගැන රනිල් ලියයි

මල්වතු – අස්ගිරි නාහිමිවරුන්ටත් පිළිගන්වයි

ජනපති මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකියි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලියන ලද පොතක් දැන් එළිදක්වා තිබේ. ‘දේශපාලනය හා ධර්මය’ යනුවෙන් නම් කර ඇති එම පොත ඊයේ (27දා) ජනාධිපතිවරයා මහනුවරට ගිය අවස්ථාවේදී මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් ඇතුළු ආගමික නායකයන්ට ද පිරිනැමීම සිදුවිය.

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම විප්ලවවාදියා ගෞතම බුදුන්වහන්සේ බවත් කලක් මහා සටනක් කොට එහි අනිටු විපාක සියසින් දුටු අශෝක වැනි ප්‍රතාපවත් නරපතියකු පූර්ණ අවිහිංසාවාදී වූයේ බුදුන්වහන්සේ විසින් කරන ලද මහා විප්ලවයේ ප්‍රතිඵල වශයෙන් බවත් පොතෙහි සඳහන්ය.

‘දේශපාලනය හා ධර්මය’ මැයෙන් ජනාධිපතිවරයා ලියන ලද ලිපි පහකින් යුක්ත මෙම කෘතිය අන්තර්ගත කරුණුවලදී වත්මන් සමාජය ද බොහෝ දේ සිතන්න මඟ පෙන්වන බව ඊට පූර්විකාවක් ලියන, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන් සඳහන් කර තිබේ.

පොත පිළිගැන්වීමේ කටයුත්තට එක්සත් ජාතික පක්‍ෂ සභාපති වජිර අබේවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ඇතුළු කිහිපදෙනෙක් එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment