ජනපති මැඳුරට  පිටින් කෑම

453

ජනාධිපති මන්දිරයේ හා අරලියගහ මන්දිරයේ රැය පහන් කළ ජනතාවට අරගල භූමියේ සහෝදරයන් හා විවිධ දානපතීන් විසින් පිසින ලද ආහාර සැපයූ බව අන්තර් විශ්වවිiාලයීය භික්‍ෂු බල මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජික කොබෙයිතුඩුවේ සමිත හිමිපාණෝ ‘දිවයින’ ට ඊයේ (10 දා) පැවැසූහ.

ඊයේ උදෑසන ආහාරය, අරගල භූමියේ සහෝදරයන් විසින්ද, දහවල් ආහාර විවිධ දානපතින් විසින් ද පැමිණි ජනතාවට ලබාදීමට කටයුතු කළ බව ද උන්වහන්සේ කියා සිටියහ.

ඊයේ දිනයේ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරයට ගාල්ල, මාතර, අනුරාධපුරය, අවිස්සාවේල්ල, ඇඹිලිපිටිය, රත්නපුර, පොලොන්නරුව, නිට්ටඹුව, කෑගල්ල, හැටන් ඇතුළු විවිධ ප්‍රදේශවල ජනතාව දසදහසකට අධික පිරිසක් පැමිණි බව ද උන්වහන්සේ කීය.

උන්වහන්සේ මෙසේ ද කීහ

“ජනාධිපති මන්දිරයට ඇතුළුවූ ජනතාව එහි ඔබමොබ සැරිසරමින් සතුටුසාමීචියේ යෙදුණා. තවත් පිරිස් ජනපති මැඳුරේ පිහිනුම් තටාකයට බැහැලා පීනමින් සතුටු වුණා. ජනතාව ලොකු පීඩනයක හිටි බවක් පෙනුණා. තවත් පිරිස් මන්දිරයේ ඇඳන් මත පුටු මේස මත වාඩිවෙලා කතාබහ කරමින් සිටියා. ජනාධිපතිවරයා යනකම් එම ජනතාවට සංග්‍රහ කටයුතු කරනවා. ජනාධිපතිවරයා ධුරයෙන් නිල වශයෙන් අස්වෙන තුරු අපි මෙහි ඉන්නවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment