ජනපති මැඳුරෙන් හමුවූ මුදල් උසාවියට

238

OIC ට කළ නියෝග

ප්‍රමාදයේ හේතු අධිකරණයට කියන්න – කොටුව මහෙස්ත්‍රාත්

ජනාධිපති මන්දිරයේ තිබියදී අරගලකරුවන් විසින් කොටුව පොලිසියට භාරදුන් රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්‍ෂ පනස් දහසක මුදල් කොළඹ අපරාධ විශේෂ විමර්ශන ඒකකය විසින් ඊයේ (29දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ භාරයට පත් කළේය.

අරගලකරුවන් විසින් පසුගිය 9 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී කොටුව පොලිසියට භාරදී තිබූ එම මුදල මෙතෙක් කුමන නිලධාරියා භාරයේ තිබුණේද අරගලකරුවන්ගෙන් එකී මුදල් භාරගෙන ඇත්තේ කුමන නිලධාරියාද හා එකී මුදල් අධිකරණයට භාරදීමට මෙතෙක් ප්‍රමාද වූයේ ඇයි දැයි විමර්ශනය කර තම අධිකරණයට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා එහිදී විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂවරයාට නියෝග කළේය. එම නියෝගයේ පිටපතක් පොලිස්පතිවරයාගේ අවධානය සඳහා යොමු කරන ලෙසටද මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එහිදී වැඩිදුරටත් නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment