ජනපති මැඳුරේ බඩුවලට හානිය කෝටි 2 1/2 ක් – සී. අයි. ඩීය අධිකරණයට දන්වයි

148

අරගලකරුවන් පසුගිය ජූලි 9 වැනිදා ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් කඩාවැදීමෙන් අනතුරුව එහි තිබූ භාණ්ඩවලට සිදු වී ඇති අලාභය මෙතෙක් සිදු කළ තක්සේරුව අනුව රුපියල් කෝටි දෙකහමාරකට අධික බවට හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (14 දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට වාර්තා කළේය. භාණ්ඩවලට අමතරව ජනාධිපති මන්දිරයේ ගොඩනැඟිලිවලට ද හානි සිදු වී ඇති බවත් එලෙස සිදු වී ඇති හානිය කොපමණ දැයි තක්සේරු කිරීමට දිස්ත්‍රික් ලේකම්වරයා මගින් පියවර ගනිමින් පවතින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (14 දා) අධිකරණයට වැඩිදුරටත් වාර්තා කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment