ජනපති මුදල් ඇමැති ධුරයේ වැඩ බලයි

270

නව මුදල් ඇමැතිවරයකු පත් කරන තෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඔහුට තිබෙන බලතල අනුව වැඩ බලන මුදල් ඇමැති ලෙස කටයුතු කරයි.

මීළඟ මුදල් ඇමැතිවරයා කවුරුන් ද යන්න ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් තීරණය කරනු ඇති බව ඊයේ (24දා) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. මීළඟ අයවැය ගැන සාකච්ඡා කිරීම සඳහා මුදල් ඇමැතිවරයකු පත්විය යුතු බවත් එතෙක් ජනාධිපතිවරයා වැඩ බලන මුදල් ඇමැති ලෙස කටයුතු කරන බවත් ඔහු තවදුරටත් කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment