ජනපති යාපනය ශ්‍රී නාග විහාරයේ ආගමික වතාවත්වල

117

යාපනය රදගුරු හිමි ප්‍රමුඛ ආගමික නායකයන් කිහිපදෙනෙකුද බැහැදැක ආශිර්වාද ලබාගනී

තෛපොංගල් රාජ්‍ය උත්සවයට සහභාගි වීම සඳහා යාපනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15 දා) පෙරවරුවේ යාපනය ශ්‍රී නාග විහාරය වෙත ගොස් මහා සංඝරත්නය බැහැදැක ආගමිකවතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

ජනපති යාපනය ශ්‍රී නාග විහාරයේ ආගමික වතාවත්වල

පුදබිම වෙත ගිය ජනාධිපතිවරයා පළමුව බුද්ධ මන්දිරය වෙත ගොස් ආගමිකවතාවත්වල නිරත වූ අතර අනතුරුව යාපනය ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළහ.

‘බෞද්ධ හින්දු ආගමික සංසදය’ වෙනුවෙන් එහි සභාපති ආචාර්ය එම්. මෝගන් මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නල්ලෙයි ආදීන ආශ්‍රමාදිපති ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව යාපනය රදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා යාපනය රදගුරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රගාසම් හිමිපාණන් බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරුන් ද මීට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment