ජනපති ලෝක නායකයින් සමග සාකච්ජා අරඹයි

211

ශී‍්‍ර ලංකාවේ වෙළෙඳ, සංචාරක, අධ්‍යාපන, ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගිවීමට ස්කොඩ්ලන්තයට පැමිණ සිටින රාජ්‍ය නායකයින් සහ නියෝජිතයන් සමග ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මහතා සාකච්ඡා පවත්වා ඇත.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවී සිටින ජනාධිපතිවරයා ඊයේ (02) එම සාකච්ඡාවන්හි නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සහ බහරේන් රාජ්‍ය අතර දිගුකාලීන මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා සහ බහරේන් රාජකීය කුමරු වන අග්‍රාමාත්‍ය සලමන් බීන් හමාඩ් අල්කලීෆා මහතා එහිදී සාකච්ඡා කර තිබේ.

ගෘහ සේවය වෙනුවට වෘත්තීය නිපුණතාවන්ගෙන් යුත් ශ්‍රී ලාංකිකයන්ට බහරේන් රාජ්‍ය තුළ රැකියා අවස්ථා උදාකර ගැනීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්ව ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවය නේපාලය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් 04ක් සිදුකරන අතර එම ගුවන් වාර සංඛ්‍යාව වැඩිකිරීමල දෙරට අතර සංචාරක සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනය පිළිබඳව ජනාධිපතිවරයා සහ නේපාල අග්‍රාමාත්‍ය ෂා බහදුර් දෙව්බා මහතා අතර සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්ට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සහ ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා අතර හමුව ග්ලාස්ගොහි මර්චන්ට් මන්දිරයේ දී සිදුව තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමට සහාය වන බව පැට්ට්‍රිෂියා මහත්මිය ජනාධිපතිවරයා සමග මෙහිදී පවසා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

වේල්සයෙහි ඔටුන්න හිමි චාල්ස් කුමරු, යුක්රේන ජනාධිපති බ්ලැඩ්මීර් සෙලෙන්ස්කි මහතාල ලෝක වෙළෙඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් නගෝසි ඔකොන්ජෝ මහත්මිය මෙන්ම මැදපෙරදිග සහ බටහිර රටවල රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය නියෝජිතයන් හමු වූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරක, ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර රැසක නව අවස්ථා උදාකර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment