ජනපති විනාඩි 45ක් මැතිසබයේ

284

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (04 දා) පෙරවරු 11.15ට පමණ සභාගැබට පැමිණ පාර්ලිමේන්තු රැුස්වීමට සහභාගී විය.

 ඒ මහතා සභාගර්භය වෙත පැමිණෙන අවස්ථාවේ දී ජාතික ජන බලවේගය මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා විදුලි බල ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි සිදුවන වංචා, ¥ෂණ පිළිබඳව අදහස් පළ කරමින් සිටියේය.

 යුරෝපීය ඇඳුමින් සැරසුණු ජනාධිපතිවරයා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පැමිණ දහවල් 12 පමණ වන තෙක් සභා ගර්භය තුළ රැුඳී සිටියේය.

 පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපස දී පිළිගෙන සභා ගර්භය වෙත කැඳවාගෙන එන ලද්දේ සභානායක සහ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන කංචන විජේසේකර සහ ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන් විසිනි.

 සභා ගර්භයේ සිටින කාලයේ දී ජනාධිපතිවරයා අගමැතිවරයා, සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා සමග දීර්ඝ වේලාවක් කතා බස් කරමින් සිටිනු දක්නට හැකිවිය.

 අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment