ජනපති සටන තුන් කොන් වෙයි

423

පාර්ලිමේන්තුවේ හෙට පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා වූ ඡන්ද විමසීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගය පක්ෂ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරු තරග කිරීමට තීරණය කර ඇත.එහිදී ඩලස් අලහප්පෙරුම මහතාගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යෝජනා කළ අතර ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් මහතා එය ස්ථිර කළේය.වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ අතර එය සමගි ජන බල පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ස්ථිර කළේය.ජාතික ජන බල පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නම විජිත හේරත් මහතා විසින් යෝජනා කළ අතර හරිනි අමරසූරිය මහත්මිය ස්ථිර කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment