ජනපති සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් හදන්න යද්දී පාර්ලිමේන්තුව කොටස් 42කට කැඩිලා – වජිර අබේවර්ධන

129

සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් ඇතිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කරන මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් කොටස් 42කට බෙදී ඇතැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

 ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළාට එය ඇති කිරීම ඉතා අපහසු බවත්, පක්‍ෂ 20 ක පමණ පිරිසක් පාර්ලිමේන්තුවේ සිටියත් දැන් එම පක්‍ෂවල පිරිස් කණ්ඩායම් 42කට කැඩී ඇති බවත් අබේවර්ධන මහතා කියා සිටියේය.

 රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමට පෙර ජනතාව තෙල්, ගෑස් පෝලිම්වල රැඳී සිටියේ වැඩි මිලකට හෝ ඒවා ලබාගැනීමට නොහැකිවීම නිසා වුවත් මේ වනවිට ජනතාවට ඒවා වැඩි මිලක් ගෙවා හෝ මිලදී ගැනීමට හැකි වී ඇතැයි ද වජිර අබේවර්ධන මහතා පැවසීය.

 එදා ඩී. එස්. සේනානායක මහතා අගමැති ලෙස පත්කර ගත්තේ බහුතරයක් නොමැතිව සියලු දෙනාගේ එකඟතාවෙන් බවත්, මෙවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්කර ගෙන තිබෙන්නේත් බහුතරය විසින්ම බවත් අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment