ජනපති සහ අගමැති ආණ්ඩු මන්ත්‍රී කණ්ඩායම හමුවේ

277

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

එළඹෙන සතියේ පාර්ලිමේන්තු වැඩසටහන් සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙම හමුවේ දී මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු විය.

විදුලි බල ගැටලුව නිරාකරණය කිරීමල පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීම මෙන්ම අපනයන ආර්ථිකය වර්ධනය කර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහි දී සාකච්ඡා විණි.

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අනාගතයේ වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

රටේ අපනයන ආදායම ඉහළ දැමීම සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී විශේෂ පැහැදිලි කිරීමක් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment