ජනපති සෙලෙන්ස්කි කඳුළු හලයි….. රුසියානු හමුදාව යුක්රේන නගරාධිපතිනිය සැමියා සහ පුත‍්‍රයා මරා වළකට විසි කරලා

1454

බූචා නගරයේ වධකාගාරයක තිබී
සිවිල් වැසියන්ගේ සිරුරු රැසක් හමුවෙයි

යුක්රේනයේ කිව් නුවරට සැතපුම් 30ක් ඈතින් පිහිටි මොටිසින් නගරයේ නගරාධිපතිනිය සහ ඇගේ සැමියාද පුත‍්‍රයාවද වධහිංසා පමුණුවා ඝාතනය කර තිබියදී යුක්රේන හමුදාව විසින් සොයාගෙන ඇත.

ජනපති සෙලෙන්ස්කි කඳුළු හලයි..... රුසියානු  හමුදාව යුක්රේන නගරාධිපතිනිය සැමියා සහ පුත‍්‍රයා මරා වළකට විසි කරලා

ඔවුන්ගේ සිරුරු රුසියානු හමුදාව නතර වී සිටි පයින් වනාන්තරයේ වළක තිබී හමුවී තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ ඔල්ගා සුක්හෙන්කෝ නමැති නගරාධිපතිනියයි. කෘෂිකාර්මික ගම්මානයක් වූ මොට්සින් නගරාධිපතිනිය රුසියානු හමුදාවට යටත් වීම ප‍්‍රතික්ෂේප කර තිබිණි. ඇයට දරුණු වධහිංසා පමුණුවා තිබූ බව හෙළි විය. ඇගේ සැමියා වූ ඉගෝර් සහ පුත් ඔලෙක්සන්ඩර්ගේ සිරුරු ද ඇතුළු ඇගේ සිරුර විසිකර දමා තිබූ වළේ තිබී හමුවී ඇත. මේ අතර යුක්රේනයේ බූචා නගරයේ තිබී වධකාගාරයක් ද හමුවී ඇත. මේ වධකාගාරයේ වධහිංසාවට ලක්කර ඝාතනය කළ සිවිල් වැසියන් රැසකගේ සිරුරු හමුවී තිබේ. බූචා නගරයේ සිවිල් වැසියන් මහමඟ මරාදමා ඇති බව චන්ද්‍රිකා ඡායාරූප වලින් ද සනාථ වී ඇත. යුක්රේන ජනපති සෙලෙන්ස්කි සිවිල් වැසියන් ඝාතනය වූ ප‍්‍රදේශවල සංචාරයක නිරත විය.

ජනපති සෙලෙන්ස්කි කඳුළු හලයි..... රුසියානු  හමුදාව යුක්රේන නගරාධිපතිනිය සැමියා සහ පුත‍්‍රයා මරා වළකට විසි කරලා

දෑත් බැඳ වෙඩි තබා මරාදමා තිබූ සිරුරු දුටු ජනපති සෙලෙන්ස්කිගේ දෑස්වලින් කඳුළු වැගිරී ඇත. නුඹලා සහෝදර ජනතාවට කළ අපරාධය මෙම ස්ථානයට ඇවිත් බලාපල්ලා යැයි ඔහු රුසියානු සෙබළුන් වෙත කියා සිටියේය. මේ අතර රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කර ඊයේ ට දින 40ක් ගත වේ. එහෙත් යුක්රේනයේ පාලනය ගැනීමට රුසියාවට නොහැකි වී ඇත. රුසියානු ජනපති පුටින් ඉදිරියටත් යුද්ධය ගෙන යෑමේ අරමුණින් 150,000ක භට පිරිසක් අලුතින් බඳවාගැනීමට තීරණය කර ඇත.

ජර්මනිය ද එරට සිටි රුසියානු තානාපති නිලධාරීන් 40ක් එරටින් පිටුවහල් කිරීමට කි‍්‍රයාකරනු ලැබීය.

සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment