ජනපති හා ශ‍්‍රීලනිප නියෝජිතයන් අතර සාකච්ඡා සාර්ථකයි – ශී‍්‍රලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර

525

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයන් අතර ඊයේ (26දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡුාව ඉතා සාර්ථකව අවසන් වූ බව ශ‍්‍රීලනිප මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා ‘‘දිවයින’ට පැවැසීය.

ආණ්ඩුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට කෙරෙන විවිධ අකටයුතුකම් සහ මහ මැතිවරණයේදී ජනාධිපතිවරයා සම`ග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම් ප‍්‍රකාරව කටයුතු කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිඛිතව කර තිබූ ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡුාව පැවැත් වූ බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.

ඒ අනුව ඊයේ පෙරවරුවේ ජනාධිපතිවරයා සම`ග සාකච්ඡුා කළ යුතු කරුණු පිළිබඳව ශ‍්‍රීලනිප සභාපති සහ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සම`ග පක්‍ෂයේ නියෝජිත පිරිස සාකච්ඡුාවක් පැවැත්වීමෙන් අනතුරුව මෙසේ ජනාධිපතිවරයා හමුවීමට ගොස් තිබුණි.

විශේෂයෙන් මෙහිදී ගිවිසුම්ගත ප‍්‍රකාරව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සංවිධායකවරුන් මෙන්ම 1064 ක් වන ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ට මේ වන විට ආණ්ඩුව තුළින් ඇති වී තිබෙන විවිධ අකටයුතුකම් සහ කොවිඞ් අර්බුදය හමුවේ ආර්ථිකය ගොඩනැ`ගීම” අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ පිළිබඳව නිදහස් සේවක සංගම්වලට ඇති වී තිබෙන විවිධ පළිගැනීම්” පොහොර අර්බුදය සහ ගුරු සංගම්වල ඉල්ලීම් පිළිබඳව හා ඉදිරි ආණ්ඩුක‍්‍රම සංශෝධනයේදී මනාප ක‍්‍රමය සහිත නව මැතිවරණ ක‍්‍රමයක් ඇති කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සම`ග සාකච්ඡුා කළ බවද මහලේකම්වරයා කියා සිටියේය.

මෙම සියලූ කරුණු කාරණා ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වූ බවත් ඒ අනුව මින් ඉදිරියට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයන්ට සිය දේශපාලන කටයුතු සඳහා සුදුසු වාතාවරණයක් සකසා දීමටත් නිදහස් සේවක සංගමයට ඇති ගැටලූ විසඳීමටත්” ප‍්‍රා’ සභා මන්ත‍්‍රීවරුන් ආණ්ඩුවේම මන්තී‍්‍රවරු ලෙස සමාන අයුරින් සංවර්ධන කටයුතුවලට සම්බන්ධ කර ගැනීමටත් ජනාධිපතිවරයා පොරොන්දු වූ බවද මහලේකම්වරයා සඳහන් කළේය.

පැය දෙකහමාරකට ආසන්න කාලයක් සාකච්ඡුාව පැවැති බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඇති වී තිබෙන ගැටලූ හඳුනාගෙන ඉදිරියේදීත් කටයුතු කරන බවට සිය නියෝජිතයන්ට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවත් එම විශ්වාසය මත සාකච්ඡුාව ඉතා සාර්ථකව අවසන් වූ බවත් මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන” පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා” මහින්ද අමරවීර සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක” භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන ඇමැතිවරුන් සහභාගි වී ඇත.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment