ජනපති හැසිරෙන්නේ හිට්ලර් වගෙයි!

222

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී (23) :

මේ පාර්ලිමේන්තුව උත්තරීතර තැනක්. මෙය මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය රකින තැනක්. ජනාධිපතිවරයාගේ කතාවෙන් ගම්‍ය වන්නේ මේ මැතිවරණය නොතියන බව. මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වන විට මේ විදියට කතා කිරීම වැරැදියි. ඒක අධිකරණ තීන්දුවටත් බලපානවා. මේ කතා කරන්නේ මුදල් ඇමැති. රනිල් වික්‍රමසිංහ නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහ ලොකුවට කයිය ගහනවා. හැසිරෙන්නේ හිට්ලර් වගෙයි. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය රැකගෙන මැතිවරණය තියන්න.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment