ජනපති හෙට රට යයි

244

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා හෙට (23) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.එහිදී ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.ජනාධිපතිවරයා එළඹෙන 25 සිට 27 දක්වා ජපානයේ රැඳී සිටීමට නියමිතය.එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අග්‍රාමත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා සිදුකිරීමට නියමිතව ඇත. ඊට අමතරව ආසියාවේ අනාගතය පිළිබඳ නික්කායි ආසියා සමුළුව ඇමැතීමට ද නියමිත බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment