ඉන්දීය ගායක හදිසියේ මිය යයි

252


ඉන්දියාවේ ජනප්‍රිය ගායකයෙක් වන කේ.කේ හෙවත් ක්‍රිෂ්ණකුමාර් කුන්නත් අභාවප්‍රාප්ත විය. ඊයේ කොල්කටාහි පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර ඇතිවූ පපුවේ වේදනාවක් නිසා නවාතැන්ගෙන සිටි හෝටල් කාමරයට ගොස් ඇත. එහිදී ඇදවැටී මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.බොලිවුඩ් සහ කොලිවුඩ් සිනමා නිර්මාණ රැසකට ගීත ගායනාකර ඇති ඔහු 90 දශකයේ පල් සහ යාරෝන් යන ගීත තුළින් යෞවනයින් අතර ජනප්‍රියත්වයට පත් විය. මියයන විට 53 වැනි වියේ පසුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment