ජනප‍්‍රිය මැලේසියානු ගායිකාවක් කොරෝනාවෙන් මරුට

307

ජනප‍්‍රිය මැලේසියානු ගායිකාවක් වන ‘සිටි සාරා රයිසුඞීන්’ කොවිඞ් වැලඳී ප‍්‍රතිකාර ලබමින් සිටියාය.

 ඒ වන විට ඇය මාස 8ක ගැබිනියක් ව සිටියාය. ප‍්‍රතිකාර ලබමින් සිටින අතර ඔක්සිජන් අඩුවීම හේතුවෙන් ඇයගේ රෝගී තත්ත්වය උත්සන්න වී ඇති බව වාර්තා වුණි.

 පසුව වෛද්‍යවරු ඇය සිහි නැති කර දරුවා ශල්‍යකර්මයක් මගින් පිටතට ගැනීමට කටයුතු කළහ.

 දරුවා බේරා ගැනීමට වෛද්‍යවරු සමත් වුවද සාරා ට සිය පුතාව දැකබලා ගැනීමට අවාසනාව හරස් විය. ඇය මියගොස් සිටියාය.

advertistmentadvertistment
advertistmentadvertistment