ජනමතය නොවිමසා ගිවිසුම් මගින් ජාතික දේපළ විකිණීමට බැහැ – ගැටඹේ නාහිමියන්ගෙන් නිවේදනයක්

229

රජයක් යනු රටක අයිතිකරු නොව භාරකරු බැවින් වෙනත් රජයක් හෝ සංවිධානයක් සමග ජාතික දේපළ විකිණීම, පැවරීම හෝ බදු දීම ජනමතය නොවිමසා ගිවිසුම් මගින් සිදුකළ නොහැකි යැයි පේරාදෙණිය  ගැටඹේ රාජෝපවනාරාමාධිපති ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සභික පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

පාලකයා රටේ භාරකරුවා මිස අයිතිකරුවා නොවන බව බුදුදහමත් සමග අප ලද උතුම්වූ දේශපාලන සංස්කෘතිය බව එම නිවේදනයේ දැක්වේ.

බෞද්ධ පාලන සම්ප‍්‍රදාය අනුව යමින් පෙර පටන්ම මෙරට වැසියන් පාලකයා වෙත පවරන ලද්දේ, රටත්, ජාතියත්, ශාසනයත් සුරක්‍ෂිත කර දීමේ භාරකාරි බලයක් පමණක් බව කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණෝ නිවේදනයෙන් පෙන්වා දෙති. එහි මෙසේද දැක්වේ.

අද සංවාදයට බඳුන්වී ඇති අලූත්ම මාතෘකාව ඇමෙරිකාවේ සමාගමක් සමග ඇති කර ගත් බව කියන අවබෝධතා ගිවිසුමයි. මෙය අනුව රටේ විදුලි නිෂ්පාදනය කෙරවලපිටියේ යුගදනවි බලාගාරයෙන් පසුව කැළණි තිස්ස ආදි අනෙකුත් බලාගාර මෙම සමාගමට යටපත්වේ. ඒ අනුව විදුලිය නිෂ්පාදනයේ ඒකාධිකාරිය යුගදනවි සමාගමටම හිමිවනු ඇත.

මෙය ඇතුළු රටට ජාතියට ද්‍රෝහිවන ආකාරයේ විදෙස් රටවල් සමග ඇති ගිවිසුම් සහිත ජාතික දේපළ රටට අහිමි කිරීමේ වැඩපිළිවෙළ වෙනස් කරනු ඇතැයි ජනතාව අපේක්‍ෂා කරයි.

සිරිල් විමලසුරේන්ද්‍ර
 

advertistmentadvertistment
advertistmentadvertistment