ජනමත විචාරණයකට යෑම  ඡන්ද කල් දැමීමේ උප්පරවැට්ටියක් – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

75

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා ජනමතවිචාරණයක් පැවැත්වීම මැතිවරණ කල්දැමීමේ උප්පරවැට්ටියක් බවට පැහැදිලි බවද යළිත් ජන රැල්ලක් නිර්මාණය වී ජනතාව පාරට බහින දිනය වැඩි ඈතක නොවන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනතා ඉල්ලුම අලුත් මැතිවරණයක් තුළින් අලුත් ආණ්ඩුවක් බවත් ඒ සඳහා මැතිවරණයක් ලබා ගැනීමට නිදහස් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී වීදි සටන් අරඹන බවත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස ප්‍රකාශ කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කරන්නට යන බවත් ලෝකයේ කිසිදු රටක කැබිනට් මණ්ඩලයක් එලෙස ක්‍රියාකර නොමැති බවත් හෙතෙම කීය.

රටක් පවතින්නේ අඩු ආදායම් තත්ත්වයේද මැදි ආදායම් තත්ත්වයේද නැතහොත් ඉහළ ආදායම් තත්ත්වයේද යන්න ප්‍රකාශයට පත් කිරීම සඳහා වන ශ්‍රේණිගත කිරීම් කරනු ලබන්නේ මූල්‍ය ආයතන මිස කැබිනට් මණ්ඩලය නොවන බවද ඒ මහතා කීය.

අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු ඊයේ (12දා) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment