ජනවරමක් නැති ජනපති පාලනයක් ගැන ජාත්‍යන්තර විශ්වාසයක් නැහැ – හසිත් ගුණසේකර

141

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා අනෙකුත් ලෝකයේ රටවල්වලින් අපට ආධාර ලබාදීම ප්‍රමාද වෙමින් තිබෙන්නේ ජනවරමක් නැති ජනාධිපති පාලනයක් මෙරට ක්‍රියාත්මක වන නිසා යැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක හසිත් ගුණසේකර මහතා පැවසීය.

 රනිල් හා රාජපක්‍ෂවරු සැඟවී ගෙන ආ අයවැය තුළින් අද දැවෙන ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලැබී නැහැ. ප්‍රතිඥා පොරොන්දු වැලක් නම් තිබුණා. රාජපක්‍ෂ ආණ්ඩුවල ජාතික ධනය කාබාසිනියා කළ තම මඩිය තර කර ගත් දේශපාලනඥයින්ට කිසිම අඩුවක් වෙලා නැහැ. වරප්‍රසාද සහ වාහන අහිමි වෙලත් නැහැ. රට ස්ථාවර කිරීමට හා ජාත්‍යන්තරයෙන් අප රටට එදා තිබු කීර්තිය ලබා ගැනීමට නම් මහා මැතිවරණයකින් ජනතාවට තීණ්දුවක් ගන්න ඉඩදිය යුතුයි. සමගි ජන බලවේගය අද දසතින් එක්වන ජනතාව සපථ කරන්නේ සැබෑ වෙනසක් උදෙසා ඡන්දයකින් තීන්දුව ගන්නට ඉඩදිය යුතු බවයි. මහර එඩේරමුල්ලේ පැවති ජනහමුවකදී ගුණසේකර මහතා මේ බව කීය.

advertistmentadvertistment
advertistmentadvertistment