ජනවසම පරිගණක දත්තත් මකන්න හදලා: සේවිකාවකගේ වැඩ තහනම්

399

ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලයට අයත් තොරතුරු පරිගණකයෙන් මකා දැමීමට උත්සාහ කිරීමේ සිද්ධියක් පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

පසුගිය කාලයේ මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටි ඉහළ පාලනාධිකාරිය තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු එයට සම්බන්ධ බවට සැක කරන සේවිකාවකගේ වැඩ තහනම් කිරීමට නියෝජ්‍ය සභාපති ආර්. ජී. පී. සෙනවිරත්න මහතා කටයුතු කර තිබේ. මෙහිදී ප‍්‍රධාන කාර්යාලයේ තොරතුරු පරිගණකයෙන් මකා දැමීමට උත්සාහ කිරීම යන චෝදනාව මත මෙම සේවිකාවගේ වැඩ තහනම් කර මේ පිටුපස තවත් පිරිසක් සිටීද යන්න සොයා ගැනීම සඳහා වැඩිදුර විමර්ශන කරන ලද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment