ජනවාරියේදී වැටුප් ප‍්‍රශ්නය නොවිසඳුවොත් යළිත් ගුරු සටන්: ජෝසප් ස්ටාලින්

209

‘‘ජනවාරි මාසයේ ඉඳලා ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය නිවැරදි වුණේ නැත්නම් අනිවාර්යයෙන්ම 2022 ජනවාරි 20 වැනිදා ඉඳලා දීප ව්‍යාප්ත දැඩි වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට යනවා’’ යැයි ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ‘දිවයින’ට ඊයේ (19 දා) පැවසීය.

මෙම ගැටලූව විසඳීමට රජයේ සමහරක් බලධාරීන්ට කිසිදු වුවමනාවක් නැතැයි ද හෙතෙම කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතාකළ ජෝසප් ස්ටාලින් මහතා මෙසේ ද කීය.

‘‘ගුරු හා විදුහල්පති සේවාව සේවාවක් බවට පත් කරලා ගැසට් කරන්න කියලයි තියෙන්නේ. නමුත් තාම එහෙම දෙයක් කරලා නැහැ. මේ ගැටලූ විසඳුවේ නැත්නම් ලබන ජනවාරි 20 වැනිද ඉඳලා දීප ව්‍යාප්ත දැඩි වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට යනවා. අපිව රවට්ටන්න රවට්ටන්න අපේ වෘත්තීය කි‍්‍රයාමාර්ගත් දැඩි කරනවා.’’

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment