ජනවාරියේ වර්ජන රැල්ලක්

105

රුපියල් දහදාහකින් වැටුප් වැඩි කරන ලෙස වෘත්තීය සමිති රජයෙන් කළ ඉල්ලීම ආණ්ඩුව නොසලකා හැරීමට විරුද්ධව ලබන ජනවාරි මාසයේ රට පුරා අඛණ්ඩ වැඩවර්ජන මාලාවක් පැවැත්වීමට ජාතික වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර ඇතැයි එහි සභාපති චින්තක බණ්ඩාර මහතා ‘දිවයින’ට ඊයේ (24 දා* පැවසීය.

තැපැල්, විදුලිය, වරාය ඇතුළු රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියලූ වෘත්තීය සමිති එකතුකරගෙන මෙම වැඩවර්ජන මාලාව රට පුරා කි‍්‍රයාත්මක කරන බව ද හෙතෙම පැවසීය.

බඩු මිල අහස උසට නැගලා රජයේ සේවකයන්ට පෞද්ගලික අංශයේ සේවකයන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. එම නිසා වැටුප් වැඩි කිරීම වහාම සිදුකළ යුතුයි. ආණ්ඩුව වෙන් වෙන් වශයෙන් රජයේ සේවකයන් සිදුකරන වැඩ වර්ජනවලට කන් දෙන පාටක් නැහැ. එම නිසා රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලූම වෘත්තීය සමිති එකතු කරගෙන ජනවාරියේ සිට අඛණ්ඩ වැඩ වර්ජන මාලාවක් පවත්වනවා. ඉල්ලීම් දිනා ගන්නා තුරු සටන නවත්වන්නේ නැහැ යැයි චින්තක බණ්ඩාර මහතා පැවසීය.

පි‍්‍රයදර්ශන ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment