ජනවාරියේ සංචාරකයන් 82,327ක් ලංකාවට ඇවිත්

169

මෙම වසරේ පළමු මාසය (ජනවාරි) තුළ සංචාරකයන් 82,327 දෙනකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

ජනවාරි 01 වැනිදා සිට 31 වැනිදා දක්වා කාලය තුළ දෛනිකව 2000ත් – 3000 ත් අතර සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබේ. වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ජනවාරි මස 05 වැනිදායි. එදින පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 3,371 කි.

ජනවාරි මාසය තුළ රුසියාවෙන් මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 13,478 ක් වන අතර ඉන්දියාවෙන් 11,751 දෙනකු මෙරටට පැමිණ තිබේ. යුක්රේනයෙන් 7,774 ක්ද, එක්සත් රාජධානියෙන් 7,442 ක්ද පැමිණ ඇති අතර ජර්මනිය, ප‍්‍රංශය, පෝලන්තය, ඔස්ටේ‍්‍රලියාව, මාලදිවයින, කසකස්ථානය යන රටවල්වලින් ජනවාරි මාසයේදී මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ තිබේ.

2020 සහ 2021 සංචාරකයන්ගේ පැමිණීම පිළිබ`ද වාර්තාවන්ට අනුව එම වසර දෙකේ ශී‍්‍ර ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. 2020 වසරේ ඉන්දීය සංචාරකයන් 89,357 ක් මෙරටට පැමිණ ඇති අතර 2021 වසරේදී මෙරටට පැමිණ ඇති ඉන්දීය සංචාරකයන් සංඛ්‍යාව 5668 කි.

2020 වසරේදී රුසියානු සමූහාණ්ඩුවෙන් සංචාරකයන් 49,397 ක් මෙරටට පැමිණ තිබේ. 2021 වසරේ දී රුසියානු සමූහාණ්ඩුවෙන් මෙරටට සංචාරකයන් පැමිණ ඇත්තේ 16,894 දෙනකු පමණි. එම වසර දෙකේ මෙරටට සංචාරකයන් පැමිණි මුල් රටවල් 10 වන්නේ ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, යුක්රේනය, ප‍්‍රංශය, ඇමෙරිකා එක්සත් ජනපදය, කසකස්ථානය, කැනඩාව සහ චීනය බව සංචාරක ඇමැතිවරයා ස`දහන් කරයි.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment