ජනවාරි තෙක්ම මේ මිලට භාණ්ඩ

114

දැනට මිල පාලනයක් ඇතිකර තිබෙන භාණ්ඩවල මිල වැඩිනොකර ලබන ජනවාරි පමණ තෙක් පවත්වාගෙන යෑමට වෙළෙඳ හා පාරිභෝගික කටයුතු ඇමැති නලින් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි එම අමාත්‍යාංශ ලේකම් එස්. ටී. කොඩිකාර මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය.

දැනටමත් ආහාර ආනයනකරුවන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර උත්සව සමය තුළ භාණ්ඩ මිල වැඩි නොකිරීමට එකඟතාවයට පැමිණ ඇති බවත් හැකි සෑම අවස්ථාවකම පවතින මිලට වඩා මිල අඩුවෙන් ආහාර අලෙවි කිරීමට හැකිනම් එම සහනය මහජනතාවට ලබාදෙන ලෙස ඇමැතිවරයා ඔවුන්ගෙන් ඉල්ලා ඇති බවත් ලේකම්වරයා කීවේය.

මේ වනවිට උත්සව සමය තුළ සතොස හරහා අලෙවි කරන ආහාරවල මිල තවත් අඩුකර අලෙවි කිරීමට අමාත්‍යාංශය අදහස් කර තිබෙන බවත් කොඩිකාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment