ජනාධිපතිට දුන් බලය වෙන අය අරන් දැන් රට අවුලෙන් අවුලට පත් කරලා – කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි

265

69 ලක්‍ෂයක් ඡුන්දය දුන්නේ ජනපති ගැන ලොකු විශ්වාසයකින්

මේ රට ගොඩන`ගන්නට හැට නව ලක්‍ෂයක් ජනතාව බලය ලබාදුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාටයි. ජනාධිපතිතුමාට ලබාදුන් බලය වෙනත් අය පාවිච්චි කරමින් රටේ සියලූ කටයුතු අවුල් ජාලයක් බවට පත්කරමින් සිටිනවා යැයි පේරාදෙනිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණෝ පැවැසූහ.

‘එක රටක් එක නීතියක්’ පිළිබ`ද ජනාධිපති කාර්ය සාධක බළකා සභාපති ගලබොඩඅත්තේ ඤාණසාර නාහිමියන් තමන් වහන්සේ බැහැදුටු අවස්ථාවේ කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණෝ එලෙස ප‍්‍රකාශ කළහ.

ඉකුත් ජනාධිපති මැතිවරණය එළැඹි අවස්ථාව වන විටත් රටත් ජනතාවත් පත්වී සිටි අවුල්සහගත සහ අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් ගොඩඒම ස`දහා බරපතළ විශ්වාසයක් තබාගත් රටේ ජනතාව ඉහළින්ම ගෝඨාභය රාජපක්‍ෂ මහතාට බලය ලබාදුන් නමුත් අවස්ථාවාදී වෙනත් පුද්ගලයන් එම බලය ඔවුන් අතට ගෙන රට අවුලෙන් අවුලට පත්කරමින් සිටි බවත් දකින්නට ලැබේ යැයි සිරිවිමල නාහිමිපාණෝ පැවැසූහ.

තවදුරටත් අදහස් දක්වමින් අතිපූජ්‍ය සිරිවිමල නාහිමිපාණෝ මෙසේද පැවැසූහ. ජනතාව විසින් තබන ලද විශ්වාසය අනුව ජනාධිපතිතුමා රටත් ජනතාවත් ආරක්‍ෂා කර පවතින තත්ත්වයෙන් ගොඩගැනීම අවශ්‍යයි. දැන් ඉතා බැ?රුම් තත්ත්වයකට ජනතාව පත්වී සිටින්නේ. තම අපේක්‍ෂා කළ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඉඩක් නොලැබී තිබෙන නිසයි. ජනාධිපතිතුමාට ලබාදුන් බලය වෙනත් අය අතට ගෙන කටයුතු කිරීම අවුල් සහගත තත්ත්වයට හේතුවී තිබෙනවා.

ජනාධිපතිතුමා මේ තත්ත්වය පිළිබ`දව අවධානය යොමුකළ යුතුයි. තවමත් ප‍්‍රමාද නැත. බලය හා වගකීම අතට ගන්නට කියා අප ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. පවතින තත්ත්වය වෙනස් කිරීම ස`දහා වගකීම හා බලතල අප‍්‍රමාදව අතට ගතයුතු බව අප අවධාරණයෙන් කියා සිටින්නේ රටටත්, ජනතාවටත් ජනාධිපතිතුමාටත් ඇති හිතවත්කම නිසයි. හිතවත්කම පවතින්නේ ශ‍්‍රී ලංකාව සමෘද්ධිමත් දේශයක් බවට පත් කිරීමට ජනාධිපතිතුමා තුළ පවතින ඕනෑකමත් අධිෂ්ඨානයත් නිසා බව කිව යුතුයි.

එක රටක් එක නීතියක් ස`දහා වූ ජනාධිපති කාර්ය සාධන බළකා සභාපති ගලබොඩඅත්තේ ඥානසාර නාහිමිපාණෝ අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කෙරෙහි ජනතාව දැඩි විශ්වාසයකින් සිටින බව පැවැසූහ.

ඒ බව දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට වැඩම කරන අතරතුර පෙනී යන බව පැවසූ ඥානසාර නාහිමිපාණෝ එක රටක් එක නීතියක් ස`දහා වූ විමර්ශනය කිරීමේදීද එම විශ්වාසය සහ උනන්දුව දකින්නට තිබෙන බවද උන්වහන්සේ පැවැසූහ.

අදහස් විමසීමේදී මුස්ලිම් ජනතාව වඩාත් උනන්දුවෙන් කරුණු දක්වන බවද ඥානසාර නාහිමිපාණෝ පැවැසූහ.

පවතින මුස්ලිම් නීතිය ස`දහා බොහෝ සංශෝධන අවශ්‍ය වී තිබෙන මුස්ලිම් ජනතාවගේ කරන ප‍්‍රකාශ වලින් පෙනී යන බවද ඥානසාර නාහිමිපාණෝ ප‍්‍රකාශ කළහ.

තම කමිටුවේ සාක්‍ෂි විමසීම මේ වනවිට බොහෝදුරට අවසන් බවත් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල විමසීම් පවා අවසන්වී තිබෙන බැවින් තම වාර්තාව ඉදිරිපත් කිරීම ස`දහා ලබාදෙන ලද කාලසීමාවට කලින් වාර්තාව භාරදීමට හැකිවන බවත් ඥානසාර හිමිපාණෝ පැවැසූහ.

වාර්තාව ලබාදීමට මාස හතරක් ලබාදී තිබුණු නමුත් ඊට කළින් වාර්තාව නිර්දේශද සහිතව ලබාදීමට හැකි බව උන්වහන්සේ පැවැසූහ.

සිරිල් විමලසුරේන්ද්‍ර
 

advertistmentadvertistment
advertistmentadvertistment