ජනාධිපතිට දෝෂාභියෝගයක් ආණ්ඩුවට විශ්වාසභංගයක්.. පළමු අත්සන කිරිඇල්ලගෙන්

662

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට අදාළ මන්ත‍්‍රී අත්සන් ලබා ගැනීම පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) සිට ආරම්භ කරනු ලැබීය.

සමගි ජනබලවේගය ප‍්‍රමුඛව මන්ත‍්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීම ආරම්භ වූ අතර මේ වනවිට ස්වාධීන වී සිටින සහ ආණ්ඩු විරෝධී ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගෙන සිටින මන්ත‍්‍රීවරුන්ගේ ද අත්සන් ලබාගැනීම සිදුකෙරෙමින් පවතින බව සජබ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ ට කීය.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන මෙම යෝජනා දෙකෙන් ප‍්‍රථමයෙන් අත්සන් ලබා ගැනීමේදී විශ්වාසභංග යෝජනාවට ප‍්‍රමුඛත්වය දීම සිදුවිය. ඊට හේතුව වූයේ ඒ සඳහා අවම මන්ත‍්‍රී අත්සන් ප‍්‍රමාණයකින් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින නිසාවෙනි.

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක මන්ත‍්‍රී ප‍්‍රමාණයක් හෝ මන්ත‍්‍රීවරුන්ගෙන් දෙකෙන් පංගුවක් සහ කථානායකවරයාගේ අත්සන ලබාගැනීම අත්‍යවශ්‍ය වෙයි. එබැවින් එය දෙවනුව ක‍්‍රියාත්මක කෙරෙන බව සමගි ජනබලවේගය පවසයි.

ජනාධිපතිට දෝෂාභියෝගයක් ආණ්ඩුවට  විශ්වාසභංගයක්.. පළමු අත්සන කිරිඇල්ලගෙන්

සමගි ජනබලවේගය මන්ත‍්‍රී කණ්ඩායම පසුගිය සිකුරාදා පෙරවරුවේ පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී රැුස්වූ අතර පවතින දේශපාලන ප‍්‍රවණතා සම්බන්ධයෙන් සාකච්ඡුා වෙද්දී විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා පවතින ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සහ ව්‍යවස්ථානුකූලව ඉවත් කිරීමට කටයුතු කළ යුතු යැයි යෝජනා කර තිබේ.

එහිදී වහාම නැගීසිටි හරීන් ප‍්‍රනාන්දු මහතා ‘‘එහෙනම් අපි අදම එය ක‍්‍රියාත්මක කරමු’’ යැයි ස්ථිර කරමින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සහ දෝෂාභියෝග යෝජනාව ගෙන ඒමට කටයුතු සලසා ඇත.

හරින් ප‍්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත‍්‍රීවරුන් දෙදෙනා එලෙස ලේඛන දෙකකට අත්සන් ගැනීමට අවශ්‍ය ‘ෆයිල්’ සෑදීම සිදුකර ඇත.

මෙම අත්සන් ලේඛනයට ප‍්‍රථමයෙන් ම අත්සන් තබා ඇත්තේ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාය.

ඉන් අනතුරුව ගයන්ත කරුණාතිලක, තිස්ස අත්තනායක, රාජිත සේනාරත්න, රිෂාඩ් බදියුදීන්, කබීර් හෂීම්, එම්. එච්. ඒ. හලීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා, හර්ෂණ රාජකරුණා, රංජිත් මද්දුම බණ්ඩාර, දිලිප් වෙදආරච්චි, නිරෝෂන් පෙරේරා, ඉරාන් වික‍්‍රමරත්න, මුජිබර් රහුමාන්, ඉම්රාන් මහරුෆ්, සුජිත් සංජය පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, වෛi කාවින්ද ජයවර්ධන යන මන්ත‍්‍රීවරු එහි ප‍්‍රථම පිටුවෙහි අත්සන් කළහ.

විපක්‍ෂයේ සජබය විසින් මෙලෙස අත්සන් ලේඛනයක් ලබා ගනිද්දී මීට සහාය පළකරමින් ආණ්ඩු පක්‍ෂයෙන් ද එවැනි ලේඛනයකට අත්සන් ගනිමින් පවතින බව සජබ ජ්‍යෙෂ්ඨයෙක් කීය.

ඊට අමතරව වෙනත් පක්‍ෂවල සහාය ලබා ගැනීමට සාකච්ඡුා පවත්වමින් පවතියි. ඉතා ඉක්මණින් විශ්වාසභංග යෝජනාව ද ඊට පසුව ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග යෝජනාවට ද අත්සන් ගැනීම ද සිදුකෙරෙන බව ඉහත ජ්‍යෙෂ්ඨයා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment